පොහොට්ටුව 341 කින් සභා 239ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..
10 වැනිදා පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේකොට්ඨාශ ක‍්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡන්ද ප‍්‍රමාණය 5,018,198කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31%කි මීටඅමතරවශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.
දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42ක් දිනාගනු ලැබීය ඡන්ද 3621338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප‍්‍රතිශතයක්ද සමගිනිපළාත් පාලනආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇතශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1416308ක් සමගින් දිනා ඇත්තේපළාත්පාලන ආයතන හතකිජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡන්ද 665208ක් වාර්තා කර ඇත.

Comments
Post a Comment